user

<%-- Document : Login Created on : 28 Feb, 2015, 8:50:26 AM Author : Lahaul Seth --%> <%@page contentType="text/html" pageEncoding="UTF-8"%> Login Demo with JSP
Login Here
Username
Password
  

Sunday, September 2, 2012

අක්කාගේ කැම්පස් ගමන සම්බන්ධවයි (උසස් අද්දියාපන ඇමතිතුමාට පොඩි සෑමාගේ ලියුම 4)

අක්කාගේ කැම්පස් ගමන සම්බන්ධවයි (උසස් අද්දියාපන ඇමතිතුමාට පොඩි සෑමාගේ ලියුම 4)

අපේ අක්කා ඒලෙවල් කලේ හෝම් සයන්ස්ය. ඒත් එයා ඉස්කෝලේ යන කාලේ අපේ ගෙවල් පැත්තේ හැමෝටම කීවේ දොස්තර කෙනෙක් වෙනවා කියාය. දවසක් කුඹුකේ ලිද ලගදි ඇසිලින් නැන්දා අක්කාගෙන් "දුවේ උඹ මොනාද බොල ඒ ලෙවල් වලට කරන්නේ" කියා ඇසූ විට අපේ අක්කා කියා තිබ්බේ සයන්ස් කියාය. එදා අක්කා "හෝම්" කැබැල්ල හලා "සයන්ස්" කරනවා කී පසු දත් දොස්තර කාර්යය නම් හරියට කළාය. ඇසිලින් නැන්දා දන්නා අටමගලයක් නැත්තේය. ඒත් සයන්ස් දන්නවාය. එයා ගම පුරා කියා තිබ්බේ අක්කා දොස්තර විභාගය කරනවා කියාය. අක්කා ඒ කාලේ දොස්තර වෙස් අරගෙන හොදට රගපෑවාය. වෙද නලාව තිබ්බේ නැත. ඉදි හිට උණ කට්ටක් වැනි දෙයක් භාවිත කරන්නට ඇති බවට මට සාක්ෂි හුමුවිය. 

අක්කා ඒ-ලෙවල් කලේ 2010දීය. අපේ අල්ලපු ගෙදර අක්කා කෙනෙක් දැන් ඒලෙවල් කර ගෙදර සිටින්නේ ‍ඊයේ පෙරේදා ප්‍රථිඑල ආපු නිසාය. ඒ අක්කා උදේ හිටියේ කැම්පස් ගිය ගානටය. ඒත් දවල් වෙද්දී එයා කීවේ ප්‍රථිඑල වෙනස් වෙලා කියාය. අපේ තාත්තා කීවේ තොපිට හොද වැඩේ ඔය කවුරු හරි තොපේ ප්‍රථිඑල "හැක්" කොර ඇත කියාය. තාත්තා හිතන්නට ඇත්තේ ප්‍රථිඑල දෙන්නේ ෆේස් බුකියෙන් කියාය. ඒ අක්කා හොදටම ඇඩුවාය. ඒත් අපේ අක්කාට සතුටුය. අපේ අක්කාගේ 2010 වසරේ විභාග අංකය ගසා අක්කා නැවත   ප්‍රථිඑල බැලූවිට අක්කා සමත් වී ඇත. එ පින් බලෙන් 2010 වසරේ හෝම් සයන්ස් වලින් ඒලෙවල් කරපු අපේ අක්කා මේ පාර කැම්පස් යන්නේ මෙඩිකල් කොලීජියට දොස්තරවරියක ලෙසය.

එකී මහා කේදාන්තය, ගෙදර හැම දෙනාට හොරෙන් උසස් අද්දියාපන තුමාට ලියන්නට පොඩි සෑමා වෙර දරන්නේ අපේ අක්කාට වාසි සහගත වුවද අනෙක් අසරණයින්ට කෙලවෙන නිසාවෙනි.


උසස් අද්දියාපනතුමනි... ගෙදර‍ට හොරෙන් වැසිකිලියට වී ලියමි

අන්තරේ සරණයි !

අපේ අක්කා ගිය වසරේ වත් මා දන්නා කලෙකවත් ඒලෙවල් නො-කලාය. 2010 වසරේද කලේ සුසිරි අය්යා හමුවීමට අවශ්‍යය නිසා ගෙදරින් පැනීමටය. ඒ ඇරත් ඇය කළේ හෝම්ස් සයන්ස්ය. ඒ කියන්නේ ගෙවල් පිලිබද විද්‍යාවයි. ගෙදර ඇති කුණු එකතු කිරීම, ඉවීම පිසීම, මැසීම් ආදී කටයුතු ජ්‍යාමිතිකව හා විද්‍යාත්මකව කිරීම ඇයට පැවරිණ.

සියල්ල එසේ සිදුවෙද්දි ගිය වස‍රේ අපේ අල්ලපු ගෙදර අක්කා විභාගය කලේ අවංකව විද්දියාවෙනි. එයා අපේ අක්කා මෙන් නෝන්ඩි නොවුනේය. ගෙදරටම ගෙන්වාගත් සර් කෙනෙක් ලවා සියළු කටයුතු කරගත්තේ ගස් ගල් මුල් හා කටු පදුරු අස්සේ රිංගීමේ ආනිසංස හා ආදීනව අපේ අක්කාගෙන් දුටු නිසාය. ඒ සර් අයියා දිවා රෑ නොබලා දවසම ඉගැන්වුවාය. ඊයේ ඒ අක්කාගේ ප්‍රථිඑල බැලුවේද ඒ සර් අයියාය. එක පාරටම කෑගසන හඩක් ඇසුනේ එයාලා ඉන්ටර්වල්නෙට් එකෙන් ප්‍රථිඑල බලා එකපාරට ලෝඩ් වූ නිසාය. වෙනදාට ඒ අක්කාට පන්ති කරන දවස්වලද ඉදහිට සද්ද බද්ද ආවද අපිට ඒවා පුරුදු ය.

ඉන්පසු ඒ අක්කාව කරේ තියා සර් අයියා මිදුල වටේ දිව්වේ අක්කා කැම්පස් ගියා කියමින්ය. අපිටත් ආඩම්බරය. අපිත් ඒ අක්කාට උදව් කලේ අපේම අක්කා කෙනෙකුට මෙන්ය. දවසක් ඒ අක්කාට ප්‍රජනන පද්ධතියේ හරක්කඩක් හරස්කඩක් ඇද ගැනීමට නොහැකිව අසරණ වූ විටක පවා අපේ අයියාගේ පොත් අස්සේ තිබී ඒ පිළිබද පත්තර පිටුවක් හොයා මම දුන්නෙමි. ඉතින් මමත් ඇගේ ප්‍රති-පල ගැන සතුටුය.

අපේ අක්කාගේ වෛද්‍ය විද්‍යාලයට ගැලපෙන විවිධ සුදුසුකම් මා දැක ඇත්තෙමි. ඉන් කීපයක් ගොනු කර දක්වන්නේ ඔබට ඇය ගැන දළ අදහසක් ලබා ගැනීමටය.

දිනක් අපේ අත්තම්මා (තිනර් ගාපු) සිහිය නැතිවී වැටී සිටි විට ඇය කීවේ දොස්තරලා ලගට ගෙනියන්න ඕනේ නැහැ කියාය. අත්තම්මාට මල්-ටි විටමින් අවශ්‍යයයි කියා ද කීවාය. යන්තම් සිහිය ආ අත්තම්මා වත්තම් කර ඇදේ හරහට තැබූ අක්කා හවස් ජාමේ අත්තම්මාට මොනාද පොවනු දැක, මම අම්මාට කේලම කීවෙමි. අම්මා අක්කාගෙන් ඇසුවේ මොනාද බොල පොවන්නේ කියාය. අත්තම්මාට අවශ්‍යය විටමින් අක්කා නිවසේදීම සිරප් එකක් ආකාරයට සැදූ බව කීවාය. විටමින් ඒ,බී,සී,ඩී, අඩංගු පෙති කිහිපයක් කොටා කුඩු කොට උණු අළු පල්ලේ තම්බා, විටමින් ඊ නැති නිසා ඇය මූණේ ගාන ක්‍රීම් ස්වල්පයක් සමග පත අට එකට සිදුවා අත්තම්මාට පොවා ඇත. අක්කාට අම්මා බැන්නාය. අම්මා කීවේ "යකෝ ගෙදර දෙහි නැති වුණාම මම තොගේ දෙහි සුවද එන සබන් කැටේ හොද්දට දානවද යකෝ...." කියාය. එදා අත්තම්මා බේරුණේ 12 වතාවක් වමනය කර තවත් වතාවක් වමනය කළ පසුවය. හැබැයි එදායින් පසු ඉහෙන් බහින රෝගයක් නැත.

එයින් පසු දවසක අපේ ගෙදර නැවතී සිටි අක්කාගේ හොදම මිතුරිය සිරියාවතී කුලුදුල් දරුවා බිහි කරද්දී ද වින්නබු වැඩේ කලේ අක්කාය. ග්ලවුස් දෙකක් වෙනුවට සිලිං උර දෙකක් අතට දමාගත් අක්කා, සිරියාවතී ගේ කකුල් දෙක අක්කාගේ කකුල් දෙකින් පාගාගෙන, දරුවා එලියට ගන්නට පොල් කටු හැන්දක් ඇතුලට දමා කැරකුවා මතකය. අපේ අම්මා බත් හැලිය කූරු ගා බත් අහුරක් ගන්නවාට වඩා දක්ෂ ලෙස අක්කා පැටියාගේ ඔළුව එළියට ගත්තාය. පැටියා සතියක් ජීවත් වුණද පසුව දා සිරියාවතී මිය ගියාය. එදා අක්කාට අපේ අම්මා බැන්නේ "බොලාගේ තාත්තා ගේ මී කතුර ඇරුනම ගෙදර මීයෙක්වත් අල්ලන්න හිටපු පූසීව මරාගත්තා කියමිනි" අක්කා ගොඩක් ආදරේ කරපු පූස් පැටියා එලෙස මිය ගියේද අක්කාගේ එකී ප්‍රසූත වෛද්‍ය විද්‍යාව නිසාමය.

අපේ සීයාට මුත්තරා ගල් හැදුනේ ගල් කොරියක වැඩ කල නිසා බව අත්තම්මා කීවාය. ඒ වෙලාවේද ප්‍රතිකර්ම කලේ අපේ අක්කාය. මුත්තරා ගල් දිය කල හැකි උප්පරවැට්ටිය අක්කා දන්නා බව කීවාය. (මගේ තිනර් සංකල්පය ආවේ ඊට පසුවය) සීයා අමාරුවෙන් කෑ ගසතී යැයි බය වූ අක්කා මුලින්ම පවුලේ සැමගේ උදව්වෙන් සීයාව ඇදටම තබා ගැට ගැසුවාය. අක්කා මාව හන්දියේ ඩික්සන් මාමාගේ ගරාජයට යැව්වේ වැකුම් එක අරන් එන්න කියාය. ඉන්පසු අක්කා අපේ මාළු ටැංකියේ ඔක්සිජොන් බටය අරගෙන ආවාය. සීයාගේ සරම කඩා පොල්තෙල් වලින් බටය පොගවා මුත්තරාසයට බටය ඇතුල් කලේ අක්කාගේම සුරතිනි. අත්තම්මා කලානම් සීයාට මීට වඩා රිදෙන බව මගේ පුංචි මොලකැටියට තේරුණි. අත්තම්මා චීත්ත රෙද්දෙන් කදුලු පිසදමනු මම දුටුවෙමි.

බටයේ අනිත් කෙලවර වැකුම් එකේ ගසා, වැකුම් එකේ ප්ලග් එක කරන්ට් එකට ගසා අක්කා ස්විච් එක ඔන් කලාය. සීයා මරහඩ දී කෑ ගසන විටම මට හිතුනේ ගල් කුඩේ කුඩු කියාය. අක්කා වැඩේ හරි කියමින් කෑගැසුවේ ස්විච් එක ඕෆ් කරමිනි. අපිට මාර සතුටුය. සීයා කදුලු පෙරාගෙන සිටියත් වැඩේ ගොඩය. අක්කා රිසල්ට් එක පෙන්නුවේ බටේ සිරවී තිබු රවුම් තිරිවාන කැට දෙක අතට ගනිමිනි. අපේ අත්තම්මා අඩි පොලවේ ගසමින් හැඩුවේ "අනේ අසමජ්ජාති කෙල්ලේ තෝ වගේ එකියක්... තොපේ අප්පොච්චා ඉපදෙන්න කලින් තෝ මේ රත්තරං ගල් කැට දෙක අයින් කලානම් අද තොපිත් නැහැ කියමිනි." මට ඒ කාලේ වැඩේ නොතේරුනේය. එත් දැන් තේරෙන්නේ සීයා සැහැල්ලු දිවියක් ගත කරන නිසාය. අක්කා දුන් ප්‍රතිකර්මයට පසු සීයාගේ බර කිලෝ එකකින් අඩුවී තිබින. ඒ ග්රෑම් 500ක මුත්තරා ගල් දෙක අක්කා එලියට ගත් නිසාය.

ඉතින් අද්දියාපනතුමනි, එකී සියළු කාරනා ගැන සිතමින් ඔබ තුමට මේ ලිපිය ලීවේ අපේ අක්කා ගේ විස්ස විද්දියාල ගමන නැවැත්වීමටය. හෝම් සයන්ස් කල අක්කා මා ඉහත සදහන් කල අමතර සුදුසුකම් සහිතව විස්සවිද්දියාල ප්‍රවේශ වී දොස්-තර-වරියක් ලෙස ආවොත් අපේ සීයාට වුණ දේ හැම කොල්ලෙකුටම වෙනවා ඇත.

මේ ප්‍රථිඑල අවුල ගැන එදා කවුරුන්ද කීවේ තුන්දෙනෙක් ඇතුල් කරන්න ඕනේ එක එක්කෙනෙක් ඇතුල් කරලා කියාය. අපේ අක්කා නම් කීවේ එක්කෙනෙක් ඇතුල් කලත්, ගමම ඇවිත් ඇතුල් කලත් තමාට කිසිම අවුලක් නොමැති බවය, ඇගේ ප්‍රථීඑල එකම බවය.

සියළු කාරනා සලකා බලා සැමට සාධාරණයක් ඉෂ්ඨ කරාවි යැයි යහපත් පැතුමින් පොඩි සෑමා නිහඩ වෙමි.

පෙර ලිපි මේ සමග අමුණා ඇත.

මොබයිල් ෆෝන් සික්‍රට් කෝඩ්ස්

ජංගම දුරකථන පාවිච්චි කිරීමට  එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් සහ විස්තර වලට අමතර වශයෙන් තවත් තාක්ෂණික තොරතුරු කන්දරාවක් එහි රැස් කොට තිබේ. මෙසේ සගවා ඇති තොරතුරු හෙවත් සික්‍රට් ඩේටා (secret data) මොනවද කියා කියවා ගන්නට බවිත කරන විශේෂ කේත තිබේ. සික්‍රට් කෝඩ් (secret code) කියා හදුන්වන්නේ මේවයි. දුරකතනයේ යතුරු පුවරුවේ මේවා ටයිප් කල විට,ඊට අදාල විස්තරය ඩිස්ප්ලේ එකේ පෙන්වයි. දුරකථන වර්ග අනුව මෙම කේත වෙනස් වේ.

නොකියා දුරකථන සික්‍රට් කෝඩ් 


  • *#92702689# - දුරකථනය බවිත කර ඇති කාලය , නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකුණු දිනය වැනි විස්තර ඇතුලත් මෙනුවක් ඔබට ලබාගත හැක.
  • *#0000# - මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණ දිනය සහ දුරකථනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.
  • *#7780# - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ අයූරින් මුල් සැකසුම් වලට දුරකථනය නෙවතත් සකසයි.
  • 0 - ප්‍රදාන තිරයේ 0 මදවේලාවක් තදකරගෙන සිටිවිට වැප් බ්‍රව්සර් එකට යොමුවෙයි.
  • *#06# - IMEI අංකය බලා ගත හැකිය.


සෝනි එරික්ෂන් දුරකථන සික්‍රට් කෝඩ් 







  • සෝනි එරික්ෂන් දුරකථනවල සික්‍රට් මෙනු එක ලබා ගැනීම සදහා ඇරෝ කී හෝ ජෝයිස්ටික් සමග * ලකුණ භාවිතයෙන් පහත ක්‍රියාකාරකම් කල යුතුය.
  • -> * <- <- * <- * (ජෝයිස්ටික් එක දකුණු පසට/ඇස්ටික් ලකුණ/ජෝයිස්ටික් එක වම්පසට දෙවරක්/ඇස්ටික් ලකුණ/ජෝයිස්ටික් එක වම්පසට/ ඇස්ටික් ලකුණ)
  • ‌‍‌‍‍‌‍‌#82# -  මෘදුකාංග සන්කරණයේ අංකය , හා දිනය ලබාගත හැකිය.
  • 0# - අවසන් වරට ඩයල් කරන ලද අංක ලබා ගැනීමට සොර්ට්කට් එකකි.

 සැම්සුන් ඇන්ඩ්රොයිඩ් දුරකථන සික්‍රට් කෝඩ්





  • *#*#7780#*#* -  කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ අයූරින් මුල් සැකසුම් වලට දුරකථනය නෙවතත් සකසයි.
  • *#*#232331#*#* - බ්ලුටුත් පරික්ෂා කල හැක.
  • *#*#0*#*#* - LCD එක පරික්ෂ කල හැක.
  • *#*#2663#*#* - ටච් ස්ක්‍රීන් එකෙහි සංස්කරණ පරික්ෂා කල හැක.


සැම්සුන්  දුරකථන සික්‍රට් කෝඩ් 
  • *#9999# හෝ *#0837 -  මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණ දිනය සහ දුරකථනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.
  • #9125# - මෘදුකාංග සංස්කරණය පෙන්වයි.
  • *#9998*246# - ඩිබග් මෙනුව පෙන්වයි.
  • *#9998*523# - වයිබ්‍රේෂන් පරීක්ෂා කල හැක.
  • *#8999*837# - හඩ්වෙයා සංස්කරණය පෙන්වයි.
  • #*2562# හෝ #*3849# - දුරකථනය රීස්ටාට් කල හැකිය.

ලේසියෙන්ම ෆෝල්ඩරයකට පාස්වඩ් එකක් දාමුද?

ඉතින් යාලුවනෙ ඔන්න මන් අද ඔයාලට සුපිරි software  එකක් අරගෙන ආවා ..
මෙකෙ නම තමා පාස්වර්ඩ් ෆොල්ඩර් ම්ම්ම්... නමින්ම තෙරෙන් ඇතිනෙ මොකක්ද  software  එක කියලා ..
ඉතින් යාලුවනේ මෙකෙන් පුලුවන් ඔයාලට කැමති ෆොල්ඩර් එකකට පාස්වර්ඩ් එකක් දාන්න එහෙනම් මෙන්න ලින්ක් එක .....Password Folder (download torrent) - TPB    මෙක ඩව්න් කරලා ඉන්ස්ටොල් කරලා licen code 1 එන්ටර් කරන් කලින් ඹයාලගේ නෙට් එක කොලොස් කරල ඉනින මෙන්න එහෙනම් licen code 1 C2999-FF2D6-28B09-80BBB 





......... ඹන් එහෙනම් මන් ගියා අනිවා comment ekak danna hode eka apita loku hiiyak ela

තමන්ට කැමති විදියට සිංහලෙන් ලියමු.

දැන් නම් ඉතින් මේ සදහා ටූල්ස් බර ගානක් තියෙනවා, බලමු කීපයකින් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා
කිසිම සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන්නේ නැතුව ටයිප් කරන්න නම්, මෙන්න මේ ලින්ක් එකට ගිහින් ටයිප් කරන්න පුලුවන්, [ ඉන්ටනෙට් නැති මැශින් එකකින් ටයිප් කරන්න ඕනේ උනොත් නම් මේ පිටුව Ctrl + S ගහලා ඒ මැශින් එකට අරගෙන යන්න ]
ඊට පස්සේ අවශ්‍ය කරන දේවල් ටික උඩ කොටුවේ කොටන්න මේ වගේ ඊට පස්සේ යට කොටුවෙ ටික කොපි කරගෙන අවශ්‍ය තැනට පේස්ට් කරගන්න 
දැන් මෙහෙම බෑනේ චැට් එහෙම කරන්න පාවිච්චි කරන්න, කොපි කර කර පේස්ට් කරන්න ගියොත් හම යයි :D
මේකට ගූගල් එකෙන් හදපු ටූල් එකකුත් තියෙනවා හැබැයි මට නම් ඒක හරි ගියෙ නෑ, ටයිප් කර කර හිටපු ගමන් බ්‍රව්සර් එකම ක්‍රෑශ් වෙනවා, ඒක නිසා දැන් මම පාවිච්චි කරන එකම දෙන්නම්
මේ සයිට් එක නිතරම වගේ වෙනස් වෙන නිසා මේ ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් ලින්ක් එකෙන්ම ගන්න එක ලේසි :D
හරි මේක ඩව්න්ලෝඩ් කරගෙන ඉවර වෙලා ඉන්ස්ටෝල් කරගන්න
එතකොට මෙන්න මේ වගේ අතුරු මුහුනතක් තමයි එන්නේ 
ඊට පස්සේ කී බෝඩ් එකේ තියෙනවා Scroll Lock කියලා කී එකක් අන්න ඒ කී එක ඔබලා සාමන්‍ය ඔය SMS භාශාවෙන් ටයිප් කරන්න තියෙන්නේ :D
**මෙහි ලිනක්ස් වර්ශන් එක අවශ්‍ය නම් මෙම ලින්කය භාවිතා කරන්න
~~ මේ තියෙන්නේ මෙහි අක්ශර සැලැස්ම
ගූගල් බඩුම ඕනේ අයට මෙන්න ඔන්ලයින් ටයිප් කරන එක
( මේක නම් පිටුව සේව් කරගෙන ගිහින් ඕපන් කලාට වැඩ කරන්නේ නැති වෙයි )
මෙන්න සොෆ්ට්වෙයා එක
බාශාව තෝරන්න තියෙන තැනින් "Sinhalese" තෝරලා ඔයාගෙ මෙහෙයුම් පද්දතිය 32bit ද 64bit ද කියන එකත් තෝරලා ඩව්න්ලෝඩ් කරගන්

යාලුවන්ව පට්ටට බය කරමුද

මම ඔයාලට දෙන්න යන්නේ පට්ට වැඩ කැල්ලක්. මේක ඔය ගොල්ලෝ කරලම බලල යාලුවන්ටත් කරලා පොඩි ෆන් එකක් ගන්න. හැබැයි මෙකෙන් යාලුවො විතරක් නෙමි...සමහර විට ඔයාලත් බය වෙන්න නම් බැරි නෑ...මේක දන්න අයත් ඇති...හැබැයි මේක මම කියන්නෙ නොදන්න අයට,තව දෙයක් කියන්නම ඔනෙ...මේ විහිලුව කරන්න නම් විහිලු දන්න කෙනෙක්ම වෙන්න ඕනේ...හොදේ....


එහෙනම් ඔන්න ඔය ලින්ක් එක බා ගන්නකෝ...... 


http://goo.gl/zVEqd

එහෙනම් ඔක හෙමින් සීරුවෙ කරල බලන්න...මුලින්ම මුල් ලින්ක් එකේ දීල තියෙන Icon එක  Double click  කරල බලන්නකො මොකද වෙල තියෙන්නෙ ඔයගෙ My comutr වලට කියල......


අම්මෝ... බය වෙන්න දෙයක් නැ. අයින් කරන ලින්ක් එකත දෙනවා.මෙන්න ඔක අයින් කරන ලින්ක් එක.


http://goo.gl/whUsM

එහෙනම් මම හිතනවා ඔයාල මෙක මොනා හරි හොද දෙකට යොදවයි කියලා.....ඔයාලත් මෙකෙන් මොනා හරි අත්දැකීමක් ලබුව නම් මවත් මතක් කරල යන්න....ඔයාලට ඔනෙම නම් මුලින් බා ගත්ත එක විතරක් යලුවෙක් ගෙ Com  එකකට දාල එන්න....හැබැයි මම කිව්ව කියල එහෙම කියන්න එපා හොදේ.....
එහෙනම් තවත් එකකින් ලගදීම හමු වෙමු....... 



පොඩ්ඩක් දිරිගන්නන්නත් එක්ක කොමෙන්ටුවක් දල යන්න අමතක කරන්න එපා.




ඔබේ බ්ලොග් පෝස්ට් Social Sites වලට ඔටෝම Publish වෙන්න හදාගමුද?

Social Sites ඒ කියන්නේ Facebook, Twitter , In වගේ සයිට්ස් ගොඩක් අන්තරජාලය පුරාම විසිරිලා තියෙනවා. මේක තේරුම් ගන්න පොඩි උදාහරණයක් දෙන්නම්,ෆේස්බුක් වල ඔයාලගේ ෆෑන් පේජ් වලට බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මාම ඔටෝම පබ්ලිශ් වෙන්න ඔයාලා එක එක ඇප්ස් භාවිතා කරනවා ඇති. හරියට Network Blogs වගේ. ඒත් මේ සෝශල් සයිට් ඔක්කොටම එකපාර අපේ බ්ලොග් එකේ පෝස්ට් පබ්ලිශ් වෙන්න හදාගන්න අපිට පුලුවන්නම් ඒක අපේ වැඩ වලට ලොකු පහසුවක් ලැබෙනවා.හරි දැන් අපි මේ විදියට හැම සෝෂල් සයිට් එකකටම අපේ බ්ලොග් එකට අපි ලියන පෝස්ට් ඔටෝම පබ්ලිෂ් වෙන්න හදගන්නේ කොහොමද කියලා බලමු. ඒක හරිම ලේසි වැඩක්. එහෙනම් ඔයාලා මේ පහල තියෙන පියවර අනුව කරන්න.

පියවර 1

  • මුලින්ම http://www.dlvr.it කියන වෙබ් ලිපිනයට යන්න. 
  • ඊට පස්සේ ඔයාලගේ ඊ-මේල් ලිපිනය හා කැමති පාස්වඩ් එකක් දීලා ඒ වෙබ් අඩවියේ ගිණුමක් හදාගන්න.

පියවර 2

  • දැන් ඊ-මේල් ඇඩ්‍රස් එකට ගිහිල්ලා ඊ-මේල් එක Confirm කරන්න. මේක කරන්න උවමනා නැත්තම්, ඔයාලව ඊලඟ පිටුවට ඔටෝම රැගෙන යනවා.මේ පහල තියෙන ඉමේජ් එකේ තියෙන්නේ ඒ පිටුව,

පියවර 3 

  • වම් පැත්තේ තියෙන Feed URL එකට ඔයාලගේ බ්ලොග් එකේ Feed URL එක දෙන්න.
  • ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන බටන් වලින් ඔයාලට පෝස්ට් පබ්ලිශ් කරන්න ඕනේ සේවාව තෝරගන්න.
දැන් ඉතින් හරි, ඉතිරි වැඩ ටික විස්තර කරන්න තරම් දෙයක් නෑ. ෆේස්බුක් තෝරගත්තානම් ඇප් එකක් එයි, ඒකෙන් ෆේස්බුක් එකට පබ්ලිශ් කරන්න පුලුවන්. Twitter භාවිතා කරනවනම්,
 
ඔන්න ඕවගේ වින්ඩෝ එකක් එන්නේ. අනිත් ඒවත් ඒවගේ තමයි. දැන් ඉතින් ඔයා කැමති එක සේවාවක් තෝරා ගත්තට පස්සේ වැඩේ හරි. ඔයාලව ඔයාලගේ අකවුන්ට් එකට ඔටෝම ලොග් වෙයි. එතකොට ඉතින් අවශ්‍ය සේවා බොහොම පහසුවෙන් හසුරවන්න පුලුවන්. ෆේස්බුක් ෆෑන්පේජ් හරි ගෲප් හරි තෝරගෙන පබ්ලිශ් කරන්න පුලුවන්. එහෙනම්, ඔබට ජය! කරලම බලන්නකෝ

ඇත්තටම මෙහෙමද දන්නේ නැ වෙන්නේ නේද ?

ඇත්තටම මෙහෙමද දන්නේ නැ වෙන්නේ නේද ?

කිස් එකක මිල කීයද?

කිස් එකක මිල කීයද?

අනේ පහුගිය දවස් වල බෝයි ගේ නාහෙ ගාවටම වැඩය බ්ලොගිය පැත්ත පලාතේ එන්න බැරි උනේය.ඒ උනාට ආතල් සිද්ධි නම් බොහෝය.මේ කියන්න යන්නේ ද එහෙම එකකි.හැබැයි මේක බෝයි ට නම් උන සීන් එකක් නෙවේය (දැන් ඉතින් උඔල මඩ පොස්ටර් ගහපල්ල මේක බෝයිට උන චාටරයක් කියල)

යට ගිය දවස බෝයි මව් තුමියගෙන් පොඩි ණය ආධාරයක් සඳහා අයදුම් කලේය.අපෝ ඇහුවට වඩා හොඳය නිකන් හිටියනම්,රතිඤ්ඤා කම්මලට බෝම්බ ගැහුව වගේ අම්ම ට තද වෙලාය.  අහපු ගමන්ම මව් තුමිය විදේශ ආධාර ලබා දීම ප්‍රතිෂේප කරේය. ඒ මදිවට කනේ ඇගිලි ගහගන්න බෝයි ගේ පෙර වැරදි මහ ගොඩක් කිව්වේය.



පුතේ දැන් සල්ලි නාස්ති කරනව වැඩී කොච්චර දුන්නත් මදි නේ!

කථාව නම් ඇත්තය. සඳුද උදේට කෝටිපතිය වගේ කැම්පස් ගියාම සිකුරාදට ගෙදර එන්නේ කාගෙන් හරි රු 100 ක් ඉල්ලගෙනය.අම්ම දෙන pocket money බෝයි ගේ පර්ස් එකෙන් වාෂ්ප වෙන්නේ හිරු දුටු පිනි මෙන්ය.යකෝ බෝයිගේ පර්ස් එකේ හිලක් ද මංදාය.


දැන් ඉතින් කොහොම උනත් එක්කො බෝයි ගේ වියදම අඩු කරන්න ඔනෑය නැත්තම් පොඩි Income එකක් එන විදියක් කල්පනා කරන්න ඔනෑය.කොකටත් කියල පලවෙනි ක්‍රමය ගැන හිතුවේය. ම්.......

බයිසිකලේට පෙට්ට්‍රල් ගැහීම
දකින දකින කඩචෝරු කෑම
හවසට යාළුවොත් එක්ක සෙට් වීම
සෙනසුරාදට කෙහේ හරි දුරක යාම
ෆෝන් එකට කාඩ් දැමීම
ගේම් ඩිවීඩි ගැනීම
අළුත් ගේම් වල ගානට computer update කිරීම 

යකෝ හිතුව වගේ නෙවේය මේවා නවත්තන එක, යන්න එන බ.... නවත්තනව වගේ කේස් එකකි.
බෝයි හොඳ උත්සාහවන්ත කොළුවාය.ඒක නිසා දෙවනි ක්‍රමය ගැන හිතුවේය. ම්.....

පලවෙනියටම පොඩි බිස්නස් එකක් ගැන හිතුවේය.නැත හරියන්නේ නැත බෝයි ට මූලික ප්‍රාග්ධනයක් නැත.
ඊ ළඟට අපි නගිමු රට වවමු සංකල්පය ගැන හිතුවේය.ම්හ් හරියන්නේ නැත.ආයෝජන ප්‍රතිලාබ සඳහා යන කාලය වැඩිය.ආපහු පොඩි ටියුෂන් පන්ති කෑල්ලක් ගැන හිතුවේය.ම්හ් ගැලපෙන්නේම නැත.කියාදෙන්න ගියාම බෝයිට ඉහින් කනින් මල පනිනවාය.අනේ අන්තිමට සල්ලිත් තියෙන පොඩි සූටි කෑබැල්ලක් ගැන හිතුවේය.

ඒක නම් ලත් තැනම ලොප්ය මොකද බෝයිගේ මූනත් තහඩුවට නිකක් කෑලි තියා බැඳපු එකෙක් වත් කැමති නැත.

අන්තිමෙත් අන්තිමට බෝයිගේ ටිකිරි මොලේට ටිකිරි අදහසක් ආවේය.ඇයි හත්තිලව්වේ ගෙදර තියෙන ත්‍රීවීල් එක ටවුන් එක පැත්තේ ගෙනහින් කොහේට හරි වෙලා ටිකක් වෙලා හිටිය නම් බොලේ Online සල්ලිනේ.

බෝයි පුරුස ශක්තියත් අතට අරගෙන හීන් සැරේ ත්‍රීවීල් එකත් දක්කාගෙන ටවුමට ආවාය.පැයක් දෙකක් හිටියේය. යකෝ බෝයි දැන්නෙ දන්නේ ටවුමට අයිතිකාරයොත් ඉන්නව කියල.අනිත් වීල් කාරයො බෝයි ට වෙලාවකට ඔරවාගෙන යයි වෙලාවකට ගොරවාගෙන යයි.අවුලක් නැත බෝයි ගේ ඇඟේ වදිනවය,
කොහොම හරි සතියක් විතර යනකොට බොයි එක්ක උන්ද ටිකක් ෆිට් උනාය.

දවසක් බොයි එක්ක ෆිට් උන එක ඩයල් එකක් එක්ක බෝයි පොඩි chat පාරක් දාගෙන උන්නාය. ඒ එක්කම කාන්තා රත්නයක් ඇවිත් ඒ ඩයල් එකෙන් අයියේ කලේගානට යන්න කීයදයි ඇහුවාය.ඩයල් එකද හැරෙන තැපෑලෙන් 200 විතර ගන්න ඔන 150ට යමු කියල උත්තර දුන්නාය.කොහොම හරි දැන් කෙල්ල(ඇන්ටිද දන්නේ නෑ ය බෝයි ට පෙනුනේ කෙල්ලෙක් වගේය) ඩයල් එකේ ත්‍රීවීල් එකට ගොඩ වුනාය.ඩයල් එකද බෝයිට ගිහින් ඉක්මනට එන්නම් මල්ලි කියාගෙන මාරු උනේය.

දැන් පැය බාගයක් විතර ගියාය ආපහු අර ඩයල් එක හයර් එක ගිහින් අවේය.ආපු ගමන් මූ බෝයි ගේ ළඟට දුවගෙන එනවාය.


ඩයල් එක - මල්ලි මාර සිද්දියනෙ(හැක හැක හැක)
මූ මරු විකලෙන් හිනාවෙයි ඇයි යකෝ අර ගියපු ගෑනි මුගෙ සිනහ ඉන්ද්‍රිය තැලෙන්න ගහලවත්ද

බෝයි       - ඇයි අයියෙ මොකද වුනේ

ඩයල් එක - නෑ බං මම අර නැගපු ගෑණු මනුස්සයට කලේගානට 150 ක් කිව්වනේ

බෝයි       - හ්ම් මට ඇහුන

ඩයල් එක - ඉතින් මම ගියා කලේගානට ගිහින් අර අස්සෙ පාරෙ ගියා මේකි මට කිව්ව එතන තියෙන කන්දත් අද්දලම වාහනේ නවත්තන්න කියල

බෝයි       - ඉතින් ඒකි සල්ලි නොදී පැනල දිව්වද

ඩයල් එක - එහෙම උනානන් අවුලක් නෑ බං කොහොමත් ඒ වගේ සිද්ධි නම් අනන්ත වෙනවනේ

බෝයි       - දැන්නම් බෝයි ගේ ලේ Boil වේ ගෙන එයි ඇයි බං මූ තටමනවනෙ.හරි දැන් මොකද වුනේ එහෙනම්

ඩයල් එක - ඉතින් මාත් නැවැත්තුව කියපු තැන. ඒකි මගෙන් ආපහු ඇහුව ගාන කීයද කියල මම ඉතින් කිව්ව ඉස්සෙල්ල කියපු ගානම තමයි 150 යි කියල.මේකි එක පාර මගේ අතින් සල්ලි කොලයක් ගුලි කරල තිබ්බ මම ඒක දිහා බලනවත් එකකම මේකි මාව ඉම්බනේ බං මම උඩ ගියා උනේ මොකද්ද කියල. එතන තිබුනෙ 100 යෙ කොලයක් මට හදිස්සියටයි වාහනේ කන්ද පල්ලමේ තිබුන නිසායි ඒ වෙලාවෙ එලියට බැහැ ගන්න බැරි උනා ඒකි කොහේ ගියාද දන්නෙත් නැ මම ඉතින් වාහනෙත් හරවගෙන ආව


බෝයි      - හරි ඉතින් අලාබයක් නෑනේ අද කාලේ කොහේද ඔච්චර අඩුවට ඔව්ව ගන්න තියෙන්නෙ.හිකිස්

හා දැන් අපේ ගනන් කාරයො කියපල්ල අද ලංකාවෙ කිස් එකක මිල කීයද කියල

                                             150 - 100 = ?

හඳේ ලෝහ පිරිලා

හඳේ ලෝහ පිරිලා

හඳ වටේ ඉතාමත් වටිනා ලෝහ වර්ගයක්‌ තිබෙන බව තම රොබෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් බව නාසා ආයතනයේ විද්‍යාඥයන් පිරිසක්‌ කියා සිටිති. ටයිටේනියම් (Titanium) නොහොත් පරමාණුක ක්‍රමාංක නමින් හැඳින්වෙන මෙම ලෝහමය නිධිය හඳ වටා තැනින් තැන තැන්පත් වී තිබෙන බව දැනට හඳ වටා ගමන් කරමින් තිබෙන මෙම රොබෝ අභ්‍යවකාශ යානය විසින් නාසා ආයතනයට එවන ලද තොරතුරුවලින් තහවුරු වී ඇතැයි එහි සිටින විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති.

දැනට කක්‍ෂය වටා ගමන් කරමින් තිබෙන මෙම රොබෝ යන්ත්‍රය සඳ අවට පින්තූර ගැනීම සඳහා පුළුල් කාචයක්‌ සහිත කැමරාවක්‌ ප්‍රයෝජනයට ගෙන තිබේ.

ඇරිසෝනා ස්‌ටේට්‌ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන මාර්ක්‌ රොබින්සන් හඳ ගැන මෙසේ කියයි.

"හඳේ මතු තලය දෙස බලාගෙන සිsටින විට අපට පෙනෙන්නේ අළුපාටින් තැනින් තැන පින්තාරු කරන ලද ලස්‌සන චිත්‍රයක්‌. එසේ පෙනෙන්නේ මිනිස්‌ ඇසට පමණයි. එහෙත් නියම මෙවලමකින් බැලුවහොත් හඳ විචිත්‍ර ලෙස දැකගන්න පුළුවන්. සමහර තැන්වල හඳ රතු පාටින්ද, සමහර තැන්වල නිල් පාටින්ද දැක ගැනීමට පුළුවන්. අද්භූතජනක වුවද මෙම වර්ණවල විචලනය අපට කියා පාන්නේ එහි රසායන සංයුතිය හා පරිණාමයයි. එහි ඇති යකඩ බහුලත්වයත්, ටයිටේනියම් ප්‍රමාණයත් මෙයින් පෙන්නුම් කරනවා. එසේම හඳේ ඇති පසේ ඇති මේරූ බවත් ඉන් පෙන්නුම් කරනවා.

හඳේ ඇති විශාල ටයිටේනියම් ලෝහය අපට ලබාගැනීමට පුළුවන්ද? නාසා ආයතනයේ විද්‍යාඥයන් මීළඟ කුරුමානම් අල්ලන්නේ එම වටිනා ලෝහය අපට ලබාගැනීමට පුළුවන් මාර්ගයක්‌ සෙවීම ගැනය.

කවදහරි දවසකදී මිනිසුන් හඳට ගියොත්

කවදහරි දවසකදී මිනිසුන් හඳට ගියොත් හඳ මතුපිටදී අමතක වුණ මගේ කැමරාව අරන් ඒවි" නීල් ආම්ස්‌ට්‍රොන් අවසන් මාධ්‍ය සාකච්ඡාවට එක්‌වෙමින් කියයි


සඳ මත පා තබන ලද මුල්ම මිනිසා ලෙස ඉතිහාස ගතවන ලද ඇමෙරිකානු ජාතික නීල් ආම්ස්‌ට්‍රොaන් පසුගිය අගෝස්‌තු 25 වැනිදා අමෙරිකාවේ කොලොම්බස්‌හිදී අභාවප්‍රාප්ත විය. මිය යනවිට 82 හැවිරිදි වියේ පසුවූ ඔහු මිනිස්‌ ඉතිහාසය පවතින තුරු සදා නොමැකෙන නාමයක්‌ බවට පත්විය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ මිතුරකු පැවසුවේ ආම්ස්‌ට්‍රොaන් නැවත වරක්‌ යළි නොඑන්නට දිව්‍ය ලෝකයට අභ්‍යවකාශ ගතවූ බවයි.

ඉතා කෙටි කලකින් ප්‍රසිද්ධියට හා ජනප්‍රියත්වයට පත්වන පුද්ගලයන් තම ජනප්‍රියත්වය අලෙවි කරමින් මුදල් උපයන කාඩ්බොඩ් වීරයන් බවට පත්වෙද්දී නීල් ආම්ස්‌ට්‍රොaන් වැනි අපේ කාලයේ සැබෑ විරුවන් ගත කරන ලද්දේ අතිශය නිහඬ ජීවිතයකි. ඔහු මාධ්‍ය සඳහා පෙනී සිටියේද සම්මුඛ සාකච්ඡා ලබාදෙනු ලැබුවේද ඉතාම අඩුවෙනි. නීල් ආම්ස්‌ට්‍රොaන් (NA) මහතා පසුගිය මැයි මාසයේදී ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ අතර එහිදී (Certified Practicing Accountants of Australia හෙවත් CPA ආයතනය සමඟ තම ජීවිත අත්දැකීම් බෙදා ගන්නා ලදී.

(CPA) ඔස්‌ටේ්‍රලියන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි (Alex Malley) ඇලෙක්‌ස්‌ මැලේ විසින් පසුගිය මැයි මාසයේදී මෙම මාධ්‍ය හමුව පවත්වන ලද්දේ ලොව බිහිවූ ඒ සුවිශේෂී අභ්‍යවකාශගාමියා වූ නීල් ආම්ස්‌ට්‍රොන් සමඟය. මේ එම සුවිශේෂි මාධ්‍ය හමුවේ සිංහල සංක්‍ෂිප්තයයි. මෙය ඕස්ට්‍රේලියාවේ evo TV bottom line වැඩ සටහන වෙනුවෙන් සිදුකරනු ලැබූවකි. මෙය ආම්ස්‌ට්‍රොන්ගේ අවසාන මාධ්‍ය සාකච්ඡාව ලෙස ඉතිහාස ගතවේ.

ප්‍රශ්නය - නීල් ආම්ස්‌ට්‍රොaන් මහත්මයාණනි, ඔබතුමා මෙම වැඩසටහනට සහ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. ඔබ මේ සුවිශේෂී ගමනේ ආරම්භය, කැපවීම හා ඉලක්‌කය වෙත ළඟාවීම සම්බන්ධ විස්‌තර කළොත්.

පිළිතුර - පුංචි කාලෙ ඉඳලම මට සිහිනයක්‌ තිබුණා උඩු ගුවනේ පියාඹන්න. මම ගුවන් යානා ශිල්පය ඉගෙන ගත්තා. ගුවන් යානා ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගත්තා. ඒ තමයි මගේ ගමනේ ආරම්භය.

ප්‍රශ්නය - ඔබේ මව සහ පියාගෙන් ඔබට ලද ආදරය හා බලපෑම මොනවගේද?

පිළිතුර - මගේ තාත්තා ඔහේ ප්‍රාන්තයේ රජයේ විගණන නිලධාරියෙක්‌. ඉතිං ඔහුට බොහෝ විට අපේ පවුල සමඟ රාජ්‍යයේ ප්‍රාන්තය වටා විටින් විට ගමන් කරන්න වුණා. ඔවුන් මට මගේ ආශාවන් අනුව නිදහසේ ඉහළට යන්න ඉඩ දීලා තිබුණා. මාව සිරකළේ නැහැ. ඒ ගැන මං ඔවුන්ට ණය ගැතියි.

ප්‍රශ්නය - ජීවිතයේ අවධානම දරාගෙන ඉදිරියට යන්න ඔබට ආභාසය ලැබුණේ කෙසේද?

පිළිතුර - බොහෝ තරුණයන් මරණයට බයයි. ඔවුන් වටා සිටින නෑදැයන් සුරතල් සතුන්ගෙන් වෙන්වීමට බයයි. මටත් මරණය ගැන බිය නැති කරගන්න වීර ක්‍රියා සිදු කරන්න සිත පුරුදු කරගන්න කාලයක්‌ ගත වුණා.

ප්‍රශ්නය - ඔබ ඊට පසුව කොරියානු යුද්ධයට සම්බන්ධ වෙනවා?

පිළිතුර - ඔව්, ඒක හොඳ අත්දැකීමක්‌ වුණා. මේ විදියට යුද්ධයට සහභාගී වීම නිසා අපේ සිත වගේම කයත් ශක්‌තිමත් වුණා. ඉතිං ඒ අත්දැකීම හරිම වටිනවා.

ප්‍රශ්නය - ඔබ ඉන්පසුව පරීක්‍ෂණ නියමුවකු ලෙස රාජකාරි කරනවා. Test pilot  කෙනෙක්‌ කියන්නේ කවුද?

පිළිතුර - ඔව්, පරීක්‍ෂණ නියමුවෙක්‌ කියන්නේ ගුවන් ගමනකදී ඇතිවන ගැටලු විසඳන ඒ ගැටලු වලට නිර්මාණාත්මක විසඳුම් ලබාදෙන නියමුවෙක්‌, ගුවන් යානයේ අඩුපාඩු සොයල බලල විසඳන අතරේ ගුවන් ගමන් වල ආරක්‍ෂක ස්‌වභාවය දියුණු කිරීමත් ඔහුගේ වගකීමක්‌. මේක හරිම අමාරු අපූරු රස්‌සාවක්‌.

ප්‍රශ්නය - ඔබට භයානක අත්දැකීම් වලට මුහුණ දීමට වුණා නේද?

පිළිතුර - ඔව්. සමහර අවස්‌ථාවලදී ජීවිතේ බේරුණේ අනූ නමයෙන්. අභ්‍යවකාශ යානා පිපිරී යද්දී ජීවිතේ බේර ගත්තේ පැරිෂුට්‌ ආධාරයෙන්.

ප්‍රශ්නය - සඳ ගමනේදී තත්පර කීපයක්‌ ඇතුළත තීරණ ගැනීමට වූ අවස්‌ථා තිබුණා නේද?

පිළිතුර - ඔව්, අපට පරිගණකගත පාලනය මගින් ගොඩ බැස්‌සීමට සූදානම් වූයේ ඉතා අසීරු මතුපිටකට. මේ අවස්‌ථාවේදී යානය පාලනය මගේ භාරයට අරගෙන කිසිදු අපහසුවකින් තොරව යානය ගොඩ බැස්‌සවීමට සිදුවුණා. මෙවැනි අවස්‌ථාවලට අප පුහුණු වෙලා හිටියේ.

ප්‍රශ්නය - ජෝන් එෆ්a. කෙනඩි ජනාධිපතිතුමා මේ අභ්‍යවකාශ වැඩපිළිවෙළ ඇමෙරිකාවට හඳුන්වා දෙමින් පැවසුවේ තමන් "නව සාගරයක දියත් කිරීමට අදහස්‌ කරන බවයි." "අප මේ වැඩ සටහන තෝරා ගත්තේ පහසු නිසා නොව ඉතා අපහසු නිසා බව ,Not because they are easy because they are hard ඔහු පැවසුවා. දේශපාලනය, විද්‍යාව, සන්නිවේදනය, ආර්ථිකය වැනි සියලු දේ ඔබලගෙ සඳ ගමනට බලපෑවා නේද?

පිළිතුර - ඔව්, අප පිළිගන්න ඕන ඒ වන විට සෝවියට්‌ දේශය අභ්‍යවකාශ තරණයේදී ඉදිරියෙන් සිටිය බව. අපට ඔවුන් පරද්දන්න ඕන වුණා. අපට තරගයක්‌ තිබුණා. අපේ අභ්‍යවකාශ ගමන් කීපයක්‌ම ඒ වන විට අසාර්ථක වෙලා තිබුණේ. නාසා ආයතනය ආරම්භයත් සමඟ අප තේරුම් ගත්තා අපට සෝවියට්‌ දේශය පරද්දලා සඳ තරණය කරන්න පුළුවන් කියලා. කෙනඩි ජනාධිපතිතුමා අපට අවධාරණය කළා මේ නව අභියෝගය තරණයට ලෑස්‌ති විය යුතුයි කියලා. අපට දැවැන්ත අභියෝගයක්‌ එල්ල වෙලා තිබුණා.

ප්‍රශ්නය - අභ්‍යවකාශ ගමන ගැන ඔබේ අත්දැකීම විස්‌තර කළොත්.

පිළිතුර - ඔව්, ආරම්භක ගවේෂණ කීපයක්‌ම අසාර්ථක වුණා. සමහර පර්යේෂණවලදී ඇතැම් අභ්‍යවකාශගාමීන් යානා පුපුරාලා මිය ගියා. මේ නිසා අප දිගින් දිගටම උනන්දු වූයේ අභ්‍යවකාශ යානයේ සුරක්‍ෂිත භාවය ඉහළ මට්‌ටමකින් නිර්මාණය කරන්න. 1968 දී අප සාර්ථකත්වයට පත්වුණා.

සඳ ගමනට පෙර හැම දෙයක්‌ම සැලසුම් කරගැනීමට වුණා. සඳේ කුමන ප්‍රදේශයට ගොඩ බානවාද? ඒ කෙසේ විය යුතුද? එහිදී බලපාන ගැටලු මොනවද ආදිය ගැන අපට දිගින් දිගටම සිතීමට වුණා. යළි අපට පෘථිවියට පැමිණීමට 90% ක සම්භාවිතාවක්‌ම තිබුණා. ඒත් සඳ මත ගොඩ බැසීමට තිබුණේ 50% කට අඩු අවස්‌ථාවක්‌. ඒක හරිම අවදානම් ගමනක්‌.

ප්‍රශ්නය - හොඳයි. සියලු පර්යේෂණ අවසාන වෙලා නාසා ආයතනය ඔබට පවසනවා නීල් මෙන්න ඇපලෝ 11 ඔබ තමයි එහි ප්‍රධාන අණදෙන නිලධාරියා ඔබ ලෑස්‌තිද? එදා ඔබේ ප්‍රතිචාරය මොනවගේ වුණාද?

පිළිතුර - ඔව්, තව මාසයක්‌ තිබුණ නම් හොඳයි කියලා හිතුණා. ඒත් අපට පරක්‌කු කරන්න බැහැ. මේක තරගයක්‌, ඒ නිසා මම ලෑස්‌තියි කියලා කිව්වා.

ප්‍රශ්නය - ඔබට මතකද ඒ සුවිශේෂි ගමන ආරම්භ වුණ අවස්‌ථාව?

පිළිතුර - ඔව්. ඒක හොඳ භාවනාවක අධිෂ්ඨානයක සිත තබා ගත යුතු අවස්‌ථාවක්‌ වුණා. අප හැම දේකටම පුහුණු වෙලා හිටියේ. පෘථිවියෙන් යානය අභ්‍යවකාශ ගතවීමේදී දරාගන්න බැරි ශබ්දයක්‌ ඇතිවුණා. මුල් අවස්‌ථාවේදී හරිම සෙලවිලි සහිතයි. පසුව කෙමෙන් කෙමෙන් ගමන පහසු වුණා.

ප්‍රශ්නය - අභ්‍යවකාශයෙදී නිදාගැනීම වුණේ කොහොමද?

පිළිතුර - මේක සංකීර්ණ ගමනක්‌ නිසා කවුරුහරි හැමතිස්‌සෙම නැගිටලා ඉන්න සිද්ධ වෙනවා. උපකරණවල ක්‍රියාකාරිත්වය ගැන හරිම අවධානයන් ඉන්න ඕන. අපට විශේෂයෙන් නිදාගන්න කියලා අවස්‌ථාවක්‌ තිබුණේ නැහැ. අප මේ ගැන ගමන යන්න කලින් සැලසුම් කරලා තිබුණේ. අපට පැය අටක කාලයක්‌ නිදාගන්න අවස්‌ථාව තිබුණා. විශේෂයෙන් නිදාගන්න උත්සාහ කළේ නෑ. කොහොමහරි අපි හැමෝටම එක පාරට නින්ද ගිහින් තිබුණා. පස්‌සේ අවදි වුණා, අප හැමතිස්‌සෙම අපේ ප්‍රධාන අරමුණ ගැන ඇහැ ගහගෙන හිටියේ.

ප්‍රශ්නය - යානය සඳ මතට ගොඩ බැසීමේදී යම් තාක්‍ෂණික දොaෂයක්‌ වුණා නේද?

පිළිතුර - ඔව්, එය මටත් තේරුම් ගන්න බැරි වුණා. ගොඩබැසීමට සූදානම් වුණේ අසීරු ස්‌ථානයකට. ඒ වෙලාවෙ මම යානය පාලනය පරිගණකයෙන් මගේ අතට ගත්තා, පසුව හෙලිකොප්ටරයක්‌ ගොඩ බානවා වගේ මම යානය පහසුවෙන් චන්ද්‍රයා මතට ගොඩ බැස්‌සුවා.

ප්‍රශ්නය - ඒ වනවිට යානය ගොඩ බැස්‌සවීමට ඉතිරි වෙලා තිබුණේ තත්පර 20 කට ප්‍රමාණවත් ඉන්ධන නේද?

පිළිතුර - ඔව්. තත්පර 20 ක්‌ ඇතුළත හැම දෙයක්‌ම සිදු කළ යුතු වුණා. යානය සඳ මතට ගොඩ බැස්‌සවීමත් සමඟ අපි හැමෝම සතුටින් උද්දාමයට පත්වුණා. අපි අතට අත දී ගත්තා. ඊට පස්‌සේ අපේ අවධානය යොමු වුණේ යානයේ පිටත අවකාශයටයි.

ප්‍රශ්නය - ඊට පස්‌සේ.

පිළිතුර - මම ,Eagle has landed, ලෙස පළමු ප්‍රකාශය නිකුත් කළා, එය සුවිශේෂී අවස්‌ථාවක්‌ වුණා. අපි සෝවියට්‌ දේශය පැරැද්දුව කියලා හිතුණා.

ප්‍රශ්නය - ඒ මොහොත පෘථිවියේ මිලියන හාරසීයක්‌ පමණ දෙනා නරඹමින් සිටියා. ඒ ගැන ඔබට මොකද හිතුණේ?

පිළිතුර - ඔව්, ඒක අමරණීය මොහොතක්‌. අපට ප්‍රමාද වෙන්න වෙලාවක්‌ තිබුණේ නෑ. සඳ මත ගවේෂණය ආරම්භ කළා.

ප්‍රශ්නය - ඔබ යානයට නැවත පැමිණි පසු ඔබට ඇමතුමක්‌ ලැබුණ නේද?

පිළිතුර - ඔව්, ඒ එවකට ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්‌සන් මහත්මයාගෙන්. ඔහු අපට සුබ පැතුවා.

ප්‍රශ්නය - යානය යළිත් පෘථිවියට පැමිණීම සිදුවුණේ කොහොමද?

පිළිතුර - ඔව් යානය යළි පැමිණීමටත් පෙර පරිදිම ඉන්ධන දහනය ආරම්භ කළ යුතු වුණා. එය ප්‍රවේශමෙන් සිදු කළා.

ප්‍රශ්නය - යානය ගොඩබසින මොහොතේ ඔබ කියනවා මෙය මිනිසකුගේ කුඩා තනි පියවරක්‌ නොව මිනිස්‌ වර්ගයා වෙනුවෙන් සිදු කළ යෝධ පිම්මක්‌ - "that's one small step for a man, one giant leap for mankind, මේ ප්‍රකාශය ගැන දැන් මොකද හිතෙන්නේ?

පිළිතුර - ඒක එච්චර හිතලා කියපු ප්‍රකාශයක්‌ නෙමෙයි. මගේ අවධානය යොමු වෙලා තිබුණේ සඳ මත ගොඩ බැසලා ගවේෂණ කටයුතු සම්පූර්ණ කරගන්න.

ප්‍රශ්නය - පළමුව සඳ මත ගොඩ බසින ලද මිනිසා ලෙස ඔබට විශාල ජනප්‍රියත්වයක්‌ ලැබුණා. ඒත් ඔබ සරල නිහඬ ජීවිතයක්‌ ගත කළේ, මේ ගැන පැවසුවොත්?

පිළිතුර - මගේ ජීවිතයේ පළමු දශක හතර අභ්‍යවකාශ විද්‍යාව ඉගෙන ගන්න යොදා ගත්තා. දෙවන දශක හතර අභ්‍යවකාශ ගමන්වලින් ඈත්වෙලා ලෝකය දෙස වෙනස්‌ විදියට බලන්න උත්සාහ කළා.

ප්‍රශ්නය - මේ වන විට නාසා ආයතනය සඳ මත මිනිසකු නැවත ගොඩ බැස්‌සවීමේ මෙහෙයුම් නතර කරන්න තීරණය කරලා තියෙනවා. මේ ගැන ඔබට මොකද හිතෙන්නේ?

පිළිතුර - ඔව්, ඒක හරිම නරක තීරණයක්‌. ඒ ගැන මම ඇමෙරිකානු කොංග්‍රසයටත් බැරැක්‌ ඔබාමා ජනාධිපතිතුමාටත් විරුද්ධත්වය ප්‍රකාශ කළා. අපි තරුණ කාලේ අපට අභ්‍යවකාශය දිනන්න අවස්‌ථා රාශියක්‌ තිබුණා. ඒත් අද තරුණයන්ට ඒ අවස්‌ථා නැතිවෙලා. මේ ගැන මම කණගාටු වෙනවා.

ප්‍රශ්නය - සමහරු කියනවා සඳ ගමන ප්‍රොaඩාවක්‌ කියලා?

පිළිතුර - (සිනාසෙමින්) හැමෝටම එක එක කථා හදන්න පුළුවන්. ඒක හරිම ලේසි වැඩක්‌. කථා කරන්න ලේසියි. ඒත් ක්‍රියාවෙන් යමක්‌ පෙන්වන්න අමාරුයි. සාර්ථක මිනිසුන්ට මඩ ගහන්න හැමෝම බලාගෙන ඉන්නේ. අපි එවැනි දේ වලින් සැලෙන්න නරකයි. කවදහරි දවසක ආපහු මිනිසුන් සඳට ගියොත් එදා මම හඳ මතුපිට අමතක වෙලා දාලා ආපු මගේ කැමරාව හොයාගෙන අරන් ඒවි. එදාට මම හඳට ගියා කියලා ඔප්පු වේවි·

Android වලට ආසාදනය වෙන වයිරස් ගැන දැන ගමුද ?

Android වලට ආසාදනය වෙන වයිරස් ගැන දැන ගමුද ?



ගොඩ දවසකට  පස්සේ අද ආවා ලිපියක් දාලා යන්න ... අද කියන්න ආවේ වෛරස් ගැන . පරිගණක වයිරස් නම් නෙමෙයි , android ඕඑස්  එකට ආසාදනය වෙන වයිරස් ගැන . හැමෝම දන්නවනේ මොකක් හරි දෙයක් ජනප්‍රිය වෙන කොට ඒකට යම් යම් තර්ජන එල්ල වෙනවා කියල .  එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ.  android වලටත් මේ වගේ වයිරස් බලපෑම් තියනවා .  බලන්නකෝ ඒ මොනවද කියල ...........

Android.Trojan.FakeDoc.A
ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ජීමේල් ඒකට ලොග් වෙලා අපේ පෞද්ගලික තොරතුරු සහ මේල් address වෙන server වලට අප්ලෝඩ් කරනවා . "Battery Doctor" කියන මෘදුකාංගයක් විදියට තමයි තියෙන්නේ .
Android.Exploit.RATC.A  or B
අපේ android ෆෝන් එකෙන් ඔටෝ රූට් ක්‍රියා කරවාගෙන Android App install/uninstall  කරනවා වගේම android ඕඑස් එක සම්පූර්ණයෙන් මකා දාන්න උනත් පුළුවන් .
Android.Trojan.SMSSEND.G
ඔබේ android phone එකෙන්  නොනවත්වා ස්වයංක්‍රියව SMS යවන වයිරස් එකක් .
Android.Hacktool.faceniff.A
 ස්වයංක්‍රියව wi-fi නෙට්වොක් වලට පිවිස  ඒ  මගින් ෆේස්බූක් ලොග් වෙලා ඉන්න කෙනාගේ Username/Password  සොර ගන්න වයිරස් එකක් .
Android.Hacktool.DroidSheep.A
Security පාස්වඩ් දාපු නැති Wi-Fi නෙට්වර්ක් වලට පිවිස ෆේස්බූක් , ඊමේල් වල Username/Password සොර ගන්න වයිරස් එකක් .

Android.Trojan.Facelnst.AV

ඔයාගේ android ෆෝන් එකෙන් ස්වයන්ක්‍රියව SMS යවන app එකක් .. මේකේ විශේෂත්වේ කියන්නේ මේක හැමතිස්සෙම අයිකන් එක වෙනස් කරනවා 



මේ වයිරස්  වලින් බේරෙන්න නම් මොනවද කරන්න ඕනේ 
  • පුද්ගලික සහ රහස්‍ය දේවල් දුරකතනයේ තබා ගන්න එපා .
  • app ඩවුන්ලෝඩ් කරනවානම් Google Play ස්ටෝර් එක හරි , වෙන ෂුවර් තැනකින් හරි ඩවුන්ලෝඩ් කරන්න 
  • app install කරද්දී ඉල්ලන පර්මිෂන් ගැන සැලකිලිමත් වෙන්න . සමහර app අදාළ නැති පර්මිෂන් ඉල්ලනවා .(  ඒ කිව්වේ ගේම් එකක් ඔබේ contact ලිස්ට් එකට ඇතුළු වීමට අවසර ඉල්ලනවා වගේ වැඩක්  :D  ) 
  • ඔබේ ෆෝන් එකේ battery  ගැන අවදානයෙන් ඉන්න . වැඩක් නැති වෙලාවල් වල , (ඒ කිව්වේ රෑට වගේ )   battery  බැහැල යනවා නම් එක ටිකක් සැක සහිතයි .