user

<%-- Document : Login Created on : 28 Feb, 2015, 8:50:26 AM Author : Lahaul Seth --%> <%@page contentType="text/html" pageEncoding="UTF-8"%> Login Demo with JSP
Login Here
Username
Password
  

Sunday, September 2, 2012

අක්කාගේ කැම්පස් ගමන සම්බන්ධවයි (උසස් අද්දියාපන ඇමතිතුමාට පොඩි සෑමාගේ ලියුම 4)

අක්කාගේ කැම්පස් ගමන සම්බන්ධවයි (උසස් අද්දියාපන ඇමතිතුමාට පොඩි සෑමාගේ ලියුම 4)

අපේ අක්කා ඒලෙවල් කලේ හෝම් සයන්ස්ය. ඒත් එයා ඉස්කෝලේ යන කාලේ අපේ ගෙවල් පැත්තේ හැමෝටම කීවේ දොස්තර කෙනෙක් වෙනවා කියාය. දවසක් කුඹුකේ ලිද ලගදි ඇසිලින් නැන්දා අක්කාගෙන් "දුවේ උඹ මොනාද බොල ඒ ලෙවල් වලට කරන්නේ" කියා ඇසූ විට අපේ අක්කා කියා තිබ්බේ සයන්ස් කියාය. එදා අක්කා "හෝම්" කැබැල්ල හලා "සයන්ස්" කරනවා කී පසු දත් දොස්තර කාර්යය නම් හරියට කළාය. ඇසිලින් නැන්දා දන්නා අටමගලයක් නැත්තේය. ඒත් සයන්ස් දන්නවාය. එයා ගම පුරා කියා තිබ්බේ අක්කා දොස්තර විභාගය කරනවා කියාය. අක්කා ඒ කාලේ දොස්තර වෙස් අරගෙන හොදට රගපෑවාය. වෙද නලාව තිබ්බේ නැත. ඉදි හිට උණ කට්ටක් වැනි දෙයක් භාවිත කරන්නට ඇති බවට මට සාක්ෂි හුමුවිය. 

අක්කා ඒ-ලෙවල් කලේ 2010දීය. අපේ අල්ලපු ගෙදර අක්කා කෙනෙක් දැන් ඒලෙවල් කර ගෙදර සිටින්නේ ‍ඊයේ පෙරේදා ප්‍රථිඑල ආපු නිසාය. ඒ අක්කා උදේ හිටියේ කැම්පස් ගිය ගානටය. ඒත් දවල් වෙද්දී එයා කීවේ ප්‍රථිඑල වෙනස් වෙලා කියාය. අපේ තාත්තා කීවේ තොපිට හොද වැඩේ ඔය කවුරු හරි තොපේ ප්‍රථිඑල "හැක්" කොර ඇත කියාය. තාත්තා හිතන්නට ඇත්තේ ප්‍රථිඑල දෙන්නේ ෆේස් බුකියෙන් කියාය. ඒ අක්කා හොදටම ඇඩුවාය. ඒත් අපේ අක්කාට සතුටුය. අපේ අක්කාගේ 2010 වසරේ විභාග අංකය ගසා අක්කා නැවත   ප්‍රථිඑල බැලූවිට අක්කා සමත් වී ඇත. එ පින් බලෙන් 2010 වසරේ හෝම් සයන්ස් වලින් ඒලෙවල් කරපු අපේ අක්කා මේ පාර කැම්පස් යන්නේ මෙඩිකල් කොලීජියට දොස්තරවරියක ලෙසය.

එකී මහා කේදාන්තය, ගෙදර හැම දෙනාට හොරෙන් උසස් අද්දියාපන තුමාට ලියන්නට පොඩි සෑමා වෙර දරන්නේ අපේ අක්කාට වාසි සහගත වුවද අනෙක් අසරණයින්ට කෙලවෙන නිසාවෙනි.


උසස් අද්දියාපනතුමනි... ගෙදර‍ට හොරෙන් වැසිකිලියට වී ලියමි

අන්තරේ සරණයි !

අපේ අක්කා ගිය වසරේ වත් මා දන්නා කලෙකවත් ඒලෙවල් නො-කලාය. 2010 වසරේද කලේ සුසිරි අය්යා හමුවීමට අවශ්‍යය නිසා ගෙදරින් පැනීමටය. ඒ ඇරත් ඇය කළේ හෝම්ස් සයන්ස්ය. ඒ කියන්නේ ගෙවල් පිලිබද විද්‍යාවයි. ගෙදර ඇති කුණු එකතු කිරීම, ඉවීම පිසීම, මැසීම් ආදී කටයුතු ජ්‍යාමිතිකව හා විද්‍යාත්මකව කිරීම ඇයට පැවරිණ.

සියල්ල එසේ සිදුවෙද්දි ගිය වස‍රේ අපේ අල්ලපු ගෙදර අක්කා විභාගය කලේ අවංකව විද්දියාවෙනි. එයා අපේ අක්කා මෙන් නෝන්ඩි නොවුනේය. ගෙදරටම ගෙන්වාගත් සර් කෙනෙක් ලවා සියළු කටයුතු කරගත්තේ ගස් ගල් මුල් හා කටු පදුරු අස්සේ රිංගීමේ ආනිසංස හා ආදීනව අපේ අක්කාගෙන් දුටු නිසාය. ඒ සර් අයියා දිවා රෑ නොබලා දවසම ඉගැන්වුවාය. ඊයේ ඒ අක්කාගේ ප්‍රථිඑල බැලුවේද ඒ සර් අයියාය. එක පාරටම කෑගසන හඩක් ඇසුනේ එයාලා ඉන්ටර්වල්නෙට් එකෙන් ප්‍රථිඑල බලා එකපාරට ලෝඩ් වූ නිසාය. වෙනදාට ඒ අක්කාට පන්ති කරන දවස්වලද ඉදහිට සද්ද බද්ද ආවද අපිට ඒවා පුරුදු ය.

ඉන්පසු ඒ අක්කාව කරේ තියා සර් අයියා මිදුල වටේ දිව්වේ අක්කා කැම්පස් ගියා කියමින්ය. අපිටත් ආඩම්බරය. අපිත් ඒ අක්කාට උදව් කලේ අපේම අක්කා කෙනෙකුට මෙන්ය. දවසක් ඒ අක්කාට ප්‍රජනන පද්ධතියේ හරක්කඩක් හරස්කඩක් ඇද ගැනීමට නොහැකිව අසරණ වූ විටක පවා අපේ අයියාගේ පොත් අස්සේ තිබී ඒ පිළිබද පත්තර පිටුවක් හොයා මම දුන්නෙමි. ඉතින් මමත් ඇගේ ප්‍රති-පල ගැන සතුටුය.

අපේ අක්කාගේ වෛද්‍ය විද්‍යාලයට ගැලපෙන විවිධ සුදුසුකම් මා දැක ඇත්තෙමි. ඉන් කීපයක් ගොනු කර දක්වන්නේ ඔබට ඇය ගැන දළ අදහසක් ලබා ගැනීමටය.

දිනක් අපේ අත්තම්මා (තිනර් ගාපු) සිහිය නැතිවී වැටී සිටි විට ඇය කීවේ දොස්තරලා ලගට ගෙනියන්න ඕනේ නැහැ කියාය. අත්තම්මාට මල්-ටි විටමින් අවශ්‍යයයි කියා ද කීවාය. යන්තම් සිහිය ආ අත්තම්මා වත්තම් කර ඇදේ හරහට තැබූ අක්කා හවස් ජාමේ අත්තම්මාට මොනාද පොවනු දැක, මම අම්මාට කේලම කීවෙමි. අම්මා අක්කාගෙන් ඇසුවේ මොනාද බොල පොවන්නේ කියාය. අත්තම්මාට අවශ්‍යය විටමින් අක්කා නිවසේදීම සිරප් එකක් ආකාරයට සැදූ බව කීවාය. විටමින් ඒ,බී,සී,ඩී, අඩංගු පෙති කිහිපයක් කොටා කුඩු කොට උණු අළු පල්ලේ තම්බා, විටමින් ඊ නැති නිසා ඇය මූණේ ගාන ක්‍රීම් ස්වල්පයක් සමග පත අට එකට සිදුවා අත්තම්මාට පොවා ඇත. අක්කාට අම්මා බැන්නාය. අම්මා කීවේ "යකෝ ගෙදර දෙහි නැති වුණාම මම තොගේ දෙහි සුවද එන සබන් කැටේ හොද්දට දානවද යකෝ...." කියාය. එදා අත්තම්මා බේරුණේ 12 වතාවක් වමනය කර තවත් වතාවක් වමනය කළ පසුවය. හැබැයි එදායින් පසු ඉහෙන් බහින රෝගයක් නැත.

එයින් පසු දවසක අපේ ගෙදර නැවතී සිටි අක්කාගේ හොදම මිතුරිය සිරියාවතී කුලුදුල් දරුවා බිහි කරද්දී ද වින්නබු වැඩේ කලේ අක්කාය. ග්ලවුස් දෙකක් වෙනුවට සිලිං උර දෙකක් අතට දමාගත් අක්කා, සිරියාවතී ගේ කකුල් දෙක අක්කාගේ කකුල් දෙකින් පාගාගෙන, දරුවා එලියට ගන්නට පොල් කටු හැන්දක් ඇතුලට දමා කැරකුවා මතකය. අපේ අම්මා බත් හැලිය කූරු ගා බත් අහුරක් ගන්නවාට වඩා දක්ෂ ලෙස අක්කා පැටියාගේ ඔළුව එළියට ගත්තාය. පැටියා සතියක් ජීවත් වුණද පසුව දා සිරියාවතී මිය ගියාය. එදා අක්කාට අපේ අම්මා බැන්නේ "බොලාගේ තාත්තා ගේ මී කතුර ඇරුනම ගෙදර මීයෙක්වත් අල්ලන්න හිටපු පූසීව මරාගත්තා කියමිනි" අක්කා ගොඩක් ආදරේ කරපු පූස් පැටියා එලෙස මිය ගියේද අක්කාගේ එකී ප්‍රසූත වෛද්‍ය විද්‍යාව නිසාමය.

අපේ සීයාට මුත්තරා ගල් හැදුනේ ගල් කොරියක වැඩ කල නිසා බව අත්තම්මා කීවාය. ඒ වෙලාවේද ප්‍රතිකර්ම කලේ අපේ අක්කාය. මුත්තරා ගල් දිය කල හැකි උප්පරවැට්ටිය අක්කා දන්නා බව කීවාය. (මගේ තිනර් සංකල්පය ආවේ ඊට පසුවය) සීයා අමාරුවෙන් කෑ ගසතී යැයි බය වූ අක්කා මුලින්ම පවුලේ සැමගේ උදව්වෙන් සීයාව ඇදටම තබා ගැට ගැසුවාය. අක්කා මාව හන්දියේ ඩික්සන් මාමාගේ ගරාජයට යැව්වේ වැකුම් එක අරන් එන්න කියාය. ඉන්පසු අක්කා අපේ මාළු ටැංකියේ ඔක්සිජොන් බටය අරගෙන ආවාය. සීයාගේ සරම කඩා පොල්තෙල් වලින් බටය පොගවා මුත්තරාසයට බටය ඇතුල් කලේ අක්කාගේම සුරතිනි. අත්තම්මා කලානම් සීයාට මීට වඩා රිදෙන බව මගේ පුංචි මොලකැටියට තේරුණි. අත්තම්මා චීත්ත රෙද්දෙන් කදුලු පිසදමනු මම දුටුවෙමි.

බටයේ අනිත් කෙලවර වැකුම් එකේ ගසා, වැකුම් එකේ ප්ලග් එක කරන්ට් එකට ගසා අක්කා ස්විච් එක ඔන් කලාය. සීයා මරහඩ දී කෑ ගසන විටම මට හිතුනේ ගල් කුඩේ කුඩු කියාය. අක්කා වැඩේ හරි කියමින් කෑගැසුවේ ස්විච් එක ඕෆ් කරමිනි. අපිට මාර සතුටුය. සීයා කදුලු පෙරාගෙන සිටියත් වැඩේ ගොඩය. අක්කා රිසල්ට් එක පෙන්නුවේ බටේ සිරවී තිබු රවුම් තිරිවාන කැට දෙක අතට ගනිමිනි. අපේ අත්තම්මා අඩි පොලවේ ගසමින් හැඩුවේ "අනේ අසමජ්ජාති කෙල්ලේ තෝ වගේ එකියක්... තොපේ අප්පොච්චා ඉපදෙන්න කලින් තෝ මේ රත්තරං ගල් කැට දෙක අයින් කලානම් අද තොපිත් නැහැ කියමිනි." මට ඒ කාලේ වැඩේ නොතේරුනේය. එත් දැන් තේරෙන්නේ සීයා සැහැල්ලු දිවියක් ගත කරන නිසාය. අක්කා දුන් ප්‍රතිකර්මයට පසු සීයාගේ බර කිලෝ එකකින් අඩුවී තිබින. ඒ ග්රෑම් 500ක මුත්තරා ගල් දෙක අක්කා එලියට ගත් නිසාය.

ඉතින් අද්දියාපනතුමනි, එකී සියළු කාරනා ගැන සිතමින් ඔබ තුමට මේ ලිපිය ලීවේ අපේ අක්කා ගේ විස්ස විද්දියාල ගමන නැවැත්වීමටය. හෝම් සයන්ස් කල අක්කා මා ඉහත සදහන් කල අමතර සුදුසුකම් සහිතව විස්සවිද්දියාල ප්‍රවේශ වී දොස්-තර-වරියක් ලෙස ආවොත් අපේ සීයාට වුණ දේ හැම කොල්ලෙකුටම වෙනවා ඇත.

මේ ප්‍රථිඑල අවුල ගැන එදා කවුරුන්ද කීවේ තුන්දෙනෙක් ඇතුල් කරන්න ඕනේ එක එක්කෙනෙක් ඇතුල් කරලා කියාය. අපේ අක්කා නම් කීවේ එක්කෙනෙක් ඇතුල් කලත්, ගමම ඇවිත් ඇතුල් කලත් තමාට කිසිම අවුලක් නොමැති බවය, ඇගේ ප්‍රථීඑල එකම බවය.

සියළු කාරනා සලකා බලා සැමට සාධාරණයක් ඉෂ්ඨ කරාවි යැයි යහපත් පැතුමින් පොඩි සෑමා නිහඩ වෙමි.

පෙර ලිපි මේ සමග අමුණා ඇත.

No comments:

Post a Comment