user

<%-- Document : Login Created on : 28 Feb, 2015, 8:50:26 AM Author : Lahaul Seth --%> <%@page contentType="text/html" pageEncoding="UTF-8"%> Login Demo with JSP
Login Here
Username
Password
  

Sunday, September 2, 2012

කවදහරි දවසකදී මිනිසුන් හඳට ගියොත්

කවදහරි දවසකදී මිනිසුන් හඳට ගියොත් හඳ මතුපිටදී අමතක වුණ මගේ කැමරාව අරන් ඒවි" නීල් ආම්ස්‌ට්‍රොන් අවසන් මාධ්‍ය සාකච්ඡාවට එක්‌වෙමින් කියයි


සඳ මත පා තබන ලද මුල්ම මිනිසා ලෙස ඉතිහාස ගතවන ලද ඇමෙරිකානු ජාතික නීල් ආම්ස්‌ට්‍රොaන් පසුගිය අගෝස්‌තු 25 වැනිදා අමෙරිකාවේ කොලොම්බස්‌හිදී අභාවප්‍රාප්ත විය. මිය යනවිට 82 හැවිරිදි වියේ පසුවූ ඔහු මිනිස්‌ ඉතිහාසය පවතින තුරු සදා නොමැකෙන නාමයක්‌ බවට පත්විය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ මිතුරකු පැවසුවේ ආම්ස්‌ට්‍රොaන් නැවත වරක්‌ යළි නොඑන්නට දිව්‍ය ලෝකයට අභ්‍යවකාශ ගතවූ බවයි.

ඉතා කෙටි කලකින් ප්‍රසිද්ධියට හා ජනප්‍රියත්වයට පත්වන පුද්ගලයන් තම ජනප්‍රියත්වය අලෙවි කරමින් මුදල් උපයන කාඩ්බොඩ් වීරයන් බවට පත්වෙද්දී නීල් ආම්ස්‌ට්‍රොaන් වැනි අපේ කාලයේ සැබෑ විරුවන් ගත කරන ලද්දේ අතිශය නිහඬ ජීවිතයකි. ඔහු මාධ්‍ය සඳහා පෙනී සිටියේද සම්මුඛ සාකච්ඡා ලබාදෙනු ලැබුවේද ඉතාම අඩුවෙනි. නීල් ආම්ස්‌ට්‍රොaන් (NA) මහතා පසුගිය මැයි මාසයේදී ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ අතර එහිදී (Certified Practicing Accountants of Australia හෙවත් CPA ආයතනය සමඟ තම ජීවිත අත්දැකීම් බෙදා ගන්නා ලදී.

(CPA) ඔස්‌ටේ්‍රලියන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි (Alex Malley) ඇලෙක්‌ස්‌ මැලේ විසින් පසුගිය මැයි මාසයේදී මෙම මාධ්‍ය හමුව පවත්වන ලද්දේ ලොව බිහිවූ ඒ සුවිශේෂී අභ්‍යවකාශගාමියා වූ නීල් ආම්ස්‌ට්‍රොන් සමඟය. මේ එම සුවිශේෂි මාධ්‍ය හමුවේ සිංහල සංක්‍ෂිප්තයයි. මෙය ඕස්ට්‍රේලියාවේ evo TV bottom line වැඩ සටහන වෙනුවෙන් සිදුකරනු ලැබූවකි. මෙය ආම්ස්‌ට්‍රොන්ගේ අවසාන මාධ්‍ය සාකච්ඡාව ලෙස ඉතිහාස ගතවේ.

ප්‍රශ්නය - නීල් ආම්ස්‌ට්‍රොaන් මහත්මයාණනි, ඔබතුමා මෙම වැඩසටහනට සහ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. ඔබ මේ සුවිශේෂී ගමනේ ආරම්භය, කැපවීම හා ඉලක්‌කය වෙත ළඟාවීම සම්බන්ධ විස්‌තර කළොත්.

පිළිතුර - පුංචි කාලෙ ඉඳලම මට සිහිනයක්‌ තිබුණා උඩු ගුවනේ පියාඹන්න. මම ගුවන් යානා ශිල්පය ඉගෙන ගත්තා. ගුවන් යානා ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගත්තා. ඒ තමයි මගේ ගමනේ ආරම්භය.

ප්‍රශ්නය - ඔබේ මව සහ පියාගෙන් ඔබට ලද ආදරය හා බලපෑම මොනවගේද?

පිළිතුර - මගේ තාත්තා ඔහේ ප්‍රාන්තයේ රජයේ විගණන නිලධාරියෙක්‌. ඉතිං ඔහුට බොහෝ විට අපේ පවුල සමඟ රාජ්‍යයේ ප්‍රාන්තය වටා විටින් විට ගමන් කරන්න වුණා. ඔවුන් මට මගේ ආශාවන් අනුව නිදහසේ ඉහළට යන්න ඉඩ දීලා තිබුණා. මාව සිරකළේ නැහැ. ඒ ගැන මං ඔවුන්ට ණය ගැතියි.

ප්‍රශ්නය - ජීවිතයේ අවධානම දරාගෙන ඉදිරියට යන්න ඔබට ආභාසය ලැබුණේ කෙසේද?

පිළිතුර - බොහෝ තරුණයන් මරණයට බයයි. ඔවුන් වටා සිටින නෑදැයන් සුරතල් සතුන්ගෙන් වෙන්වීමට බයයි. මටත් මරණය ගැන බිය නැති කරගන්න වීර ක්‍රියා සිදු කරන්න සිත පුරුදු කරගන්න කාලයක්‌ ගත වුණා.

ප්‍රශ්නය - ඔබ ඊට පසුව කොරියානු යුද්ධයට සම්බන්ධ වෙනවා?

පිළිතුර - ඔව්, ඒක හොඳ අත්දැකීමක්‌ වුණා. මේ විදියට යුද්ධයට සහභාගී වීම නිසා අපේ සිත වගේම කයත් ශක්‌තිමත් වුණා. ඉතිං ඒ අත්දැකීම හරිම වටිනවා.

ප්‍රශ්නය - ඔබ ඉන්පසුව පරීක්‍ෂණ නියමුවකු ලෙස රාජකාරි කරනවා. Test pilot  කෙනෙක්‌ කියන්නේ කවුද?

පිළිතුර - ඔව්, පරීක්‍ෂණ නියමුවෙක්‌ කියන්නේ ගුවන් ගමනකදී ඇතිවන ගැටලු විසඳන ඒ ගැටලු වලට නිර්මාණාත්මක විසඳුම් ලබාදෙන නියමුවෙක්‌, ගුවන් යානයේ අඩුපාඩු සොයල බලල විසඳන අතරේ ගුවන් ගමන් වල ආරක්‍ෂක ස්‌වභාවය දියුණු කිරීමත් ඔහුගේ වගකීමක්‌. මේක හරිම අමාරු අපූරු රස්‌සාවක්‌.

ප්‍රශ්නය - ඔබට භයානක අත්දැකීම් වලට මුහුණ දීමට වුණා නේද?

පිළිතුර - ඔව්. සමහර අවස්‌ථාවලදී ජීවිතේ බේරුණේ අනූ නමයෙන්. අභ්‍යවකාශ යානා පිපිරී යද්දී ජීවිතේ බේර ගත්තේ පැරිෂුට්‌ ආධාරයෙන්.

ප්‍රශ්නය - සඳ ගමනේදී තත්පර කීපයක්‌ ඇතුළත තීරණ ගැනීමට වූ අවස්‌ථා තිබුණා නේද?

පිළිතුර - ඔව්, අපට පරිගණකගත පාලනය මගින් ගොඩ බැස්‌සීමට සූදානම් වූයේ ඉතා අසීරු මතුපිටකට. මේ අවස්‌ථාවේදී යානය පාලනය මගේ භාරයට අරගෙන කිසිදු අපහසුවකින් තොරව යානය ගොඩ බැස්‌සවීමට සිදුවුණා. මෙවැනි අවස්‌ථාවලට අප පුහුණු වෙලා හිටියේ.

ප්‍රශ්නය - ජෝන් එෆ්a. කෙනඩි ජනාධිපතිතුමා මේ අභ්‍යවකාශ වැඩපිළිවෙළ ඇමෙරිකාවට හඳුන්වා දෙමින් පැවසුවේ තමන් "නව සාගරයක දියත් කිරීමට අදහස්‌ කරන බවයි." "අප මේ වැඩ සටහන තෝරා ගත්තේ පහසු නිසා නොව ඉතා අපහසු නිසා බව ,Not because they are easy because they are hard ඔහු පැවසුවා. දේශපාලනය, විද්‍යාව, සන්නිවේදනය, ආර්ථිකය වැනි සියලු දේ ඔබලගෙ සඳ ගමනට බලපෑවා නේද?

පිළිතුර - ඔව්, අප පිළිගන්න ඕන ඒ වන විට සෝවියට්‌ දේශය අභ්‍යවකාශ තරණයේදී ඉදිරියෙන් සිටිය බව. අපට ඔවුන් පරද්දන්න ඕන වුණා. අපට තරගයක්‌ තිබුණා. අපේ අභ්‍යවකාශ ගමන් කීපයක්‌ම ඒ වන විට අසාර්ථක වෙලා තිබුණේ. නාසා ආයතනය ආරම්භයත් සමඟ අප තේරුම් ගත්තා අපට සෝවියට්‌ දේශය පරද්දලා සඳ තරණය කරන්න පුළුවන් කියලා. කෙනඩි ජනාධිපතිතුමා අපට අවධාරණය කළා මේ නව අභියෝගය තරණයට ලෑස්‌ති විය යුතුයි කියලා. අපට දැවැන්ත අභියෝගයක්‌ එල්ල වෙලා තිබුණා.

ප්‍රශ්නය - අභ්‍යවකාශ ගමන ගැන ඔබේ අත්දැකීම විස්‌තර කළොත්.

පිළිතුර - ඔව්, ආරම්භක ගවේෂණ කීපයක්‌ම අසාර්ථක වුණා. සමහර පර්යේෂණවලදී ඇතැම් අභ්‍යවකාශගාමීන් යානා පුපුරාලා මිය ගියා. මේ නිසා අප දිගින් දිගටම උනන්දු වූයේ අභ්‍යවකාශ යානයේ සුරක්‍ෂිත භාවය ඉහළ මට්‌ටමකින් නිර්මාණය කරන්න. 1968 දී අප සාර්ථකත්වයට පත්වුණා.

සඳ ගමනට පෙර හැම දෙයක්‌ම සැලසුම් කරගැනීමට වුණා. සඳේ කුමන ප්‍රදේශයට ගොඩ බානවාද? ඒ කෙසේ විය යුතුද? එහිදී බලපාන ගැටලු මොනවද ආදිය ගැන අපට දිගින් දිගටම සිතීමට වුණා. යළි අපට පෘථිවියට පැමිණීමට 90% ක සම්භාවිතාවක්‌ම තිබුණා. ඒත් සඳ මත ගොඩ බැසීමට තිබුණේ 50% කට අඩු අවස්‌ථාවක්‌. ඒක හරිම අවදානම් ගමනක්‌.

ප්‍රශ්නය - හොඳයි. සියලු පර්යේෂණ අවසාන වෙලා නාසා ආයතනය ඔබට පවසනවා නීල් මෙන්න ඇපලෝ 11 ඔබ තමයි එහි ප්‍රධාන අණදෙන නිලධාරියා ඔබ ලෑස්‌තිද? එදා ඔබේ ප්‍රතිචාරය මොනවගේ වුණාද?

පිළිතුර - ඔව්, තව මාසයක්‌ තිබුණ නම් හොඳයි කියලා හිතුණා. ඒත් අපට පරක්‌කු කරන්න බැහැ. මේක තරගයක්‌, ඒ නිසා මම ලෑස්‌තියි කියලා කිව්වා.

ප්‍රශ්නය - ඔබට මතකද ඒ සුවිශේෂි ගමන ආරම්භ වුණ අවස්‌ථාව?

පිළිතුර - ඔව්. ඒක හොඳ භාවනාවක අධිෂ්ඨානයක සිත තබා ගත යුතු අවස්‌ථාවක්‌ වුණා. අප හැම දේකටම පුහුණු වෙලා හිටියේ. පෘථිවියෙන් යානය අභ්‍යවකාශ ගතවීමේදී දරාගන්න බැරි ශබ්දයක්‌ ඇතිවුණා. මුල් අවස්‌ථාවේදී හරිම සෙලවිලි සහිතයි. පසුව කෙමෙන් කෙමෙන් ගමන පහසු වුණා.

ප්‍රශ්නය - අභ්‍යවකාශයෙදී නිදාගැනීම වුණේ කොහොමද?

පිළිතුර - මේක සංකීර්ණ ගමනක්‌ නිසා කවුරුහරි හැමතිස්‌සෙම නැගිටලා ඉන්න සිද්ධ වෙනවා. උපකරණවල ක්‍රියාකාරිත්වය ගැන හරිම අවධානයන් ඉන්න ඕන. අපට විශේෂයෙන් නිදාගන්න කියලා අවස්‌ථාවක්‌ තිබුණේ නැහැ. අප මේ ගැන ගමන යන්න කලින් සැලසුම් කරලා තිබුණේ. අපට පැය අටක කාලයක්‌ නිදාගන්න අවස්‌ථාව තිබුණා. විශේෂයෙන් නිදාගන්න උත්සාහ කළේ නෑ. කොහොමහරි අපි හැමෝටම එක පාරට නින්ද ගිහින් තිබුණා. පස්‌සේ අවදි වුණා, අප හැමතිස්‌සෙම අපේ ප්‍රධාන අරමුණ ගැන ඇහැ ගහගෙන හිටියේ.

ප්‍රශ්නය - යානය සඳ මතට ගොඩ බැසීමේදී යම් තාක්‍ෂණික දොaෂයක්‌ වුණා නේද?

පිළිතුර - ඔව්, එය මටත් තේරුම් ගන්න බැරි වුණා. ගොඩබැසීමට සූදානම් වුණේ අසීරු ස්‌ථානයකට. ඒ වෙලාවෙ මම යානය පාලනය පරිගණකයෙන් මගේ අතට ගත්තා, පසුව හෙලිකොප්ටරයක්‌ ගොඩ බානවා වගේ මම යානය පහසුවෙන් චන්ද්‍රයා මතට ගොඩ බැස්‌සුවා.

ප්‍රශ්නය - ඒ වනවිට යානය ගොඩ බැස්‌සවීමට ඉතිරි වෙලා තිබුණේ තත්පර 20 කට ප්‍රමාණවත් ඉන්ධන නේද?

පිළිතුර - ඔව්. තත්පර 20 ක්‌ ඇතුළත හැම දෙයක්‌ම සිදු කළ යුතු වුණා. යානය සඳ මතට ගොඩ බැස්‌සවීමත් සමඟ අපි හැමෝම සතුටින් උද්දාමයට පත්වුණා. අපි අතට අත දී ගත්තා. ඊට පස්‌සේ අපේ අවධානය යොමු වුණේ යානයේ පිටත අවකාශයටයි.

ප්‍රශ්නය - ඊට පස්‌සේ.

පිළිතුර - මම ,Eagle has landed, ලෙස පළමු ප්‍රකාශය නිකුත් කළා, එය සුවිශේෂී අවස්‌ථාවක්‌ වුණා. අපි සෝවියට්‌ දේශය පැරැද්දුව කියලා හිතුණා.

ප්‍රශ්නය - ඒ මොහොත පෘථිවියේ මිලියන හාරසීයක්‌ පමණ දෙනා නරඹමින් සිටියා. ඒ ගැන ඔබට මොකද හිතුණේ?

පිළිතුර - ඔව්, ඒක අමරණීය මොහොතක්‌. අපට ප්‍රමාද වෙන්න වෙලාවක්‌ තිබුණේ නෑ. සඳ මත ගවේෂණය ආරම්භ කළා.

ප්‍රශ්නය - ඔබ යානයට නැවත පැමිණි පසු ඔබට ඇමතුමක්‌ ලැබුණ නේද?

පිළිතුර - ඔව්, ඒ එවකට ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්‌සන් මහත්මයාගෙන්. ඔහු අපට සුබ පැතුවා.

ප්‍රශ්නය - යානය යළිත් පෘථිවියට පැමිණීම සිදුවුණේ කොහොමද?

පිළිතුර - ඔව් යානය යළි පැමිණීමටත් පෙර පරිදිම ඉන්ධන දහනය ආරම්භ කළ යුතු වුණා. එය ප්‍රවේශමෙන් සිදු කළා.

ප්‍රශ්නය - යානය ගොඩබසින මොහොතේ ඔබ කියනවා මෙය මිනිසකුගේ කුඩා තනි පියවරක්‌ නොව මිනිස්‌ වර්ගයා වෙනුවෙන් සිදු කළ යෝධ පිම්මක්‌ - "that's one small step for a man, one giant leap for mankind, මේ ප්‍රකාශය ගැන දැන් මොකද හිතෙන්නේ?

පිළිතුර - ඒක එච්චර හිතලා කියපු ප්‍රකාශයක්‌ නෙමෙයි. මගේ අවධානය යොමු වෙලා තිබුණේ සඳ මත ගොඩ බැසලා ගවේෂණ කටයුතු සම්පූර්ණ කරගන්න.

ප්‍රශ්නය - පළමුව සඳ මත ගොඩ බසින ලද මිනිසා ලෙස ඔබට විශාල ජනප්‍රියත්වයක්‌ ලැබුණා. ඒත් ඔබ සරල නිහඬ ජීවිතයක්‌ ගත කළේ, මේ ගැන පැවසුවොත්?

පිළිතුර - මගේ ජීවිතයේ පළමු දශක හතර අභ්‍යවකාශ විද්‍යාව ඉගෙන ගන්න යොදා ගත්තා. දෙවන දශක හතර අභ්‍යවකාශ ගමන්වලින් ඈත්වෙලා ලෝකය දෙස වෙනස්‌ විදියට බලන්න උත්සාහ කළා.

ප්‍රශ්නය - මේ වන විට නාසා ආයතනය සඳ මත මිනිසකු නැවත ගොඩ බැස්‌සවීමේ මෙහෙයුම් නතර කරන්න තීරණය කරලා තියෙනවා. මේ ගැන ඔබට මොකද හිතෙන්නේ?

පිළිතුර - ඔව්, ඒක හරිම නරක තීරණයක්‌. ඒ ගැන මම ඇමෙරිකානු කොංග්‍රසයටත් බැරැක්‌ ඔබාමා ජනාධිපතිතුමාටත් විරුද්ධත්වය ප්‍රකාශ කළා. අපි තරුණ කාලේ අපට අභ්‍යවකාශය දිනන්න අවස්‌ථා රාශියක්‌ තිබුණා. ඒත් අද තරුණයන්ට ඒ අවස්‌ථා නැතිවෙලා. මේ ගැන මම කණගාටු වෙනවා.

ප්‍රශ්නය - සමහරු කියනවා සඳ ගමන ප්‍රොaඩාවක්‌ කියලා?

පිළිතුර - (සිනාසෙමින්) හැමෝටම එක එක කථා හදන්න පුළුවන්. ඒක හරිම ලේසි වැඩක්‌. කථා කරන්න ලේසියි. ඒත් ක්‍රියාවෙන් යමක්‌ පෙන්වන්න අමාරුයි. සාර්ථක මිනිසුන්ට මඩ ගහන්න හැමෝම බලාගෙන ඉන්නේ. අපි එවැනි දේ වලින් සැලෙන්න නරකයි. කවදහරි දවසක ආපහු මිනිසුන් සඳට ගියොත් එදා මම හඳ මතුපිට අමතක වෙලා දාලා ආපු මගේ කැමරාව හොයාගෙන අරන් ඒවි. එදාට මම හඳට ගියා කියලා ඔප්පු වේවි·

No comments:

Post a Comment