හඳේ ලෝහ පිරිලා
හඳ වටේ ඉතාමත් වටිනා ලෝහ වර්ගයක් තිබෙන බව තම රොබෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් බව නාසා ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් කියා සිටිති. ටයිටේනියම් (Titanium) නොහොත් පරමාණුක ක්‍රමාංක නමින් හැඳින්වෙන මෙම ලෝහමය නිධිය හඳ වටා තැනින් තැන තැන්පත් වී තිබෙන බව දැනට හඳ වටා ගමන් කරමින් තිබෙන මෙම රොබෝ අභ්‍යවකාශ යානය විසින් නාසා ආයතනයට එවන ලද තොරතුරුවලින් තහවුරු වී ඇතැයි එහි සිටින විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති.දැනට කක්‍ෂය වටා ගමන් කරමින් තිබෙන මෙම රොබෝ යන්ත්‍රය සඳ අවට පින්තූර ගැනීම සඳහා පුළුල් කාචයක් සහිත කැමරාවක් ප්‍රයෝජනයට ගෙන තිබේ.
ඇරිසෝනා ස්‌ටේට් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන මාර්ක් රොබින්සන් හඳ ගැන මෙසේ කියයි.
හඳේ ඇති විශාල ටයිටේනියම් ලෝහය අපට ලබාගැනීමට පුළුවන්ද? නාසා ආයතනයේ විද්‍යාඥයන් මීළඟ කුරුමානම් අල්ලන්නේ එම වටිනා ලෝහය අපට ලබාගැනීමට පුළුවන් මාර්ගයක් සෙවීම ගැනය.
No comments:
Post a Comment