Social
Sites ඒ කියන්නේ Facebook, Twitter , In වගේ සයිට්ස් ගොඩක් අන්තරජාලය
පුරාම විසිරිලා තියෙනවා. මේක තේරුම් ගන්න පොඩි උදාහරණයක් දෙන්නම්,ෆේස්බුක්
වල ඔයාලගේ ෆෑන් පේජ් වලට බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මාම ඔටෝම පබ්ලිශ්
වෙන්න ඔයාලා එක එක ඇප්ස් භාවිතා කරනවා ඇති. හරියට Network Blogs වගේ. ඒත්
මේ සෝශල් සයිට් ඔක්කොටම එකපාර අපේ බ්ලොග් එකේ පෝස්ට් පබ්ලිශ් වෙන්න හදාගන්න
අපිට පුලුවන්නම් ඒක අපේ වැඩ වලට ලොකු පහසුවක් ලැබෙනවා.හරි දැන් අපි මේ
විදියට හැම සෝෂල් සයිට් එකකටම අපේ බ්ලොග් එකට අපි ලියන පෝස්ට් ඔටෝම පබ්ලිෂ්
වෙන්න හදගන්නේ කොහොමද කියලා බලමු. ඒක හරිම ලේසි වැඩක්. එහෙනම් ඔයාලා මේ
පහල තියෙන පියවර අනුව කරන්න.
පියවර 1
- මුලින්ම http://www.dlvr.it කියන වෙබ් ලිපිනයට යන්න.
- ඊට පස්සේ ඔයාලගේ ඊ-මේල් ලිපිනය හා කැමති පාස්වඩ් එකක් දීලා ඒ වෙබ් අඩවියේ ගිණුමක් හදාගන්න.
පියවර 2
- දැන් ඊ-මේල් ඇඩ්‍රස් එකට ගිහිල්ලා ඊ-මේල් එක Confirm කරන්න. මේක කරන්න
උවමනා නැත්තම්, ඔයාලව ඊලඟ පිටුවට ඔටෝම රැගෙන යනවා.මේ පහල තියෙන ඉමේජ් එකේ
තියෙන්නේ ඒ පිටුව,

පියවර 3
- වම් පැත්තේ තියෙන Feed URL එකට ඔයාලගේ බ්ලොග් එකේ Feed URL එක දෙන්න.
- ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන බටන් වලින් ඔයාලට පෝස්ට් පබ්ලිශ් කරන්න ඕනේ සේවාව තෝරගන්න.
දැන් ඉතින් හරි, ඉතිරි වැඩ ටික විස්තර කරන්න තරම් දෙයක් නෑ. ෆේස්බුක්
තෝරගත්තානම් ඇප් එකක් එයි, ඒකෙන් ෆේස්බුක් එකට පබ්ලිශ් කරන්න පුලුවන්.
Twitter භාවිතා කරනවනම්,
ඔන්න ඕවගේ වින්ඩෝ එකක් එන්නේ. අනිත් ඒවත් ඒවගේ තමයි. දැන් ඉතින් ඔයා කැමති
එක සේවාවක් තෝරා ගත්තට පස්සේ වැඩේ හරි. ඔයාලව ඔයාලගේ අකවුන්ට් එකට ඔටෝම
ලොග් වෙයි. එතකොට ඉතින් අවශ්‍ය සේවා බොහොම පහසුවෙන් හසුරවන්න පුලුවන්.
ෆේස්බුක් ෆෑන්පේජ් හරි ගෲප් හරි තෝරගෙන පබ්ලිශ් කරන්න පුලුවන්. එහෙනම්, ඔබට
ජය! කරලම බලන්නකෝ
No comments:
Post a Comment